කෘෂි සේවා අධිකාරිය තම දැක්මට අනුකූලව පහත සඳහන් ප්‍රමුඛ පරාස යටතේ තම කාර්යයන් ඉටුකරනු ලබයි.

  1. වාණිජ පදනම මත කෘෂිකාර්මික සේවා සැපයීම
  2. කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
  3. පරිසර හිතකාමීත්වය කෘෂිකර්මයට ගෙන ඒම
  4. කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය
  5. යහ පාලනය
බස්නාහිර පළාත තුළ මී මැසි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම

බස්නාහිර පළාත තුල මී මැසි පාලනයට හා මී පැණි නිෂ්පාදන ක්‍ෂෙත්‍රය වෙත යොමුවීමට කැමැත්ත ඇති නව පිරිස හට අවස්ථාවක් උදාකර දීම තුලින්, මී මැසි පාලනයට, මී පැණි නිෂ්පාදනයට යොමු වන පිරිස ඉහල නැංවීම.
තව කියවන්න

බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක හෙළ බොජුන් අලෙවි මධ්‍යස්ථානය කාබනික අලෙවි මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම

මෙම කාබනික සුපිරි වෙළඳසැල් ජාලය අලෙවි සැල් 40 කින් සමන්විත වන අතර එය අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
තව කියවන්න

බස්නාහිර පළාත තුළ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම

කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවෙන් ප්‍රකාශිත අඹ වගාව, අඹ – යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පොත් හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර සහ අඹ පැල බෙදා දීම සිදු කරන ලදී.
තව කියවන්න

බස්නාහිර පළාත තුළ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා පහසුකම් සැපයීම

දේශීය බෝග වගාවන් සඳහා රසායනික පොහොර භාවිතා කිරීම වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ප්‍රජාව පෙළඹවීම.
තව කියවන්න

පුරන් කුඹුරු අස්වැද්දීම හා කෘෂි උපකරණ බෙදා දීම

මෙම ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 150ක් නැවත වගා කටයුතු වලට යොමු කරන ලදී. මේ සඳහා කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින් අක්.50 බැගින් තෝරා ගැණිනි. මෙම ව්‍යාපෘතිය මගින් 2013 යල කන්නයේදී පමණක් වී ටොන් 350ක අස්වැන්නක් ලැබී තිබිණි.
තව කියවන්න

සාම්ප්‍රදායික කෘෂි දැනුම එක්රැස් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම

මෙම ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 150ක් නැවත වගා කටයුතු වලට යොමු කරන ලදී. මේ සඳහා කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින් අක්.50 බැගින් තෝරා ගැණිනි. මෙම ව්‍යාපෘතිය මගින් 2013 යල කන්නයේදී පමණක් වී ටොන් 350ක අස්වැන්නක් ලැබී තිබිණි.
තව කියවන්න

සාම්ප්‍රදායික කෘෂි දැනුම එක්රැස්කර එම තොරතුරු විශ්ලේෂණය කර ලේඛන ගත කිරීම

ඉහත ව්‍යාපෘතියේ ඒකරාශී කර ගන්නා ලද සාම්ප්‍රදායික කෘෂි තොරතුරු අනාගත පරපුර උදෙසා ලේඛණ ගත කොට තැබීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම මිලියනයකි. මේ වන විට අදාළ සියලු කෘෂි තොරතුරු ඒකරාශී කොට ග්‍රන්තාරූඪ කිරීමේ කාර්යය සිදුවෙමින් පවතී. අත් පිටපත් සකස් කිරීම නිම වෙමින් පවතින අතර ග්‍රන්ථය මුද්‍රණය කිරීම උදෙසා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
තව කියවන්න

පළාත තුළ එළවළු හා පළතුරු පැල නිෂ්පාදනයකර ප්‍රජාව අතර බෙදා හැරීම

තත්වයෙන් උසස් එළවළු සහ පළතුරු පැල නිෂ්පාදනය කොට වගා කරුවන් වෙත ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මේ සඳහා මිලියන 2.85 ක මුදලක් අනුමත වී ඇත. හෝමාගම, බෝඹුවල, අඹේපුස්ස, හොරණ හා වල්පිට (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු) පුහුණු මධ්‍යස්ථාන වල ඉඩකඩ හා සම්පත් භාවිතාකොට මෙම පැළ නිෂ්පාදනය සිදු කළ අරමේ වන විට එලවළු පැළ බඳුන් 5000කට වැඩි ප්‍රමාණයක් මේ යටතේ බෙදා දී ඇත.
තව කියවන්න

පළාත තුළ බිත්තර වී නිෂ්පාදනය සඳහා ප්‍රජාව පෙළඹවීම

මෙම ව්‍යාපෘතියේ වටිනාකම මිලියන 2.85 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් හෙක්.10ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෙක්.25 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් හෙක්.25ක් මේ මගින් බිත්තර වී නිෂ්පාදනයට යොමුවිණි. සමස්ථ වශයෙන් හෙක්.60ක් තුළ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ බිත්තර වී ටොන් 14ක් නිෂ්පාදනය විය.
තව කියවන්න

ගෙවතු ව්‍යාපෘති

බස්නාහිර පළාත් ජනතාව තම ගෙවත්තේ වස විෂෙන් තොර එළවළු හා පළතුරු වර්ග වගා කිරීමට දිරිගැන්වීමේ මූලික පියවරක් ලෙස හදුන්වා දිය හැකිය. එම කාර්යය සඳහා ජනාතාව පෙළඹවීමට කෘෂි සේවා අධිකාරිය මඟින් මිලියන 2.5 ක් වටිනා කෘෂි උපකරණ නාගරික ගෙවතු හිමියන් වෙත ලබා දී ඇත.
තව කියවන්න

මිනුවන්ගොඩ වටිනාපහ කෘෂි සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම

අප අධිකාරිය විසින් ඉදිකරන ලද ගම්පහ දිසාවේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි වටිනාපහ කෘෂි නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානය බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, කලා හා සංස්කෘතික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 ජුනි 06 වැනි දින ජනතා අයිතියට පැවරුණ වගයි.
තව කියවන්න

වාරි ව්‍යාපෘති

පහත සදහන් වාරි ව්‍යාපෘති පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ඉටුකරන ලදි.සාලාව ගිනිගත් වෙල වෙල් යායේ ඇළ ඉවුර ප්‍රතිසංස්කරණය,පිනිදියාගාර වෙල් යායේ ජල බැස්සුම් නිර්මිතයක් සහ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරිම,තාවල්ගොඩ අමුණට ලෑලි දමා ප්‍රතිසංස්කරණය,කුඩා අග්ගොන දෙනිය වෙල්යායේ පැති බැම්ම ඉදි කිරිම හා ඇළ කැපීම…
තව කියවන්න

නිමි අගය ඉහළ නැන්වූ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන ගුණාත්මක බව වැඩිදියුණු කිරීම හා පසු අස්වනු තාක්ෂණ ක්‍රම හදුන්වා දීම.

බස්නාහිර පළාත ජාතික කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් ගනුයේ පළාත තුල කාර්මික හා සේවා අංශය දක්වන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින තත්වයකදීය. ගොවිප්‍රජාව හා කුඩා ව්‍යවසායකයන් හට පවතින වෙළඳපල ක්‍රමය තුල වැඩි ප්‍රතිලාභයක් නොලැබෙන නිසාත් කෘෂිකර්මාන්තයේ ඉතා ඉහළ ප්‍රතිලාභ මධ්‍ය හා මහා පරිමාන ව්‍යාපාරිකයන් භුක්ති විඳින නිසාත් ගොවි ප්‍රජාව හා කුඩා ව්‍යවසායකත්වයන්…
තව කියවන්න