පළාත තුළ බිත්තර වී නිෂ්පාදනය සඳහා ප්‍රජාව පෙළඹවීම
මෙම ව්‍යාපෘතියේ වටිනාකම මිලියන 2.85 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් හෙක්.10ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෙක්.25 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් හෙක්.25ක් මේ මගින් බිත්තර වී නිෂ්පාදනයට යොමුවිණි. සමස්ථ වශයෙන් හෙක්.60ක් තුළ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ බිත්තර වී ටොන් 14ක් නිෂ්පාදනය විය. මේ යටතේ ප්‍රතිලාභීන් ( ගොවි සංවිධාන) වෙත ඇසුරුම්, කමත් අතුරණු හා වී හුලං කිරීමේ යන්ත්‍ර ආදිය බෙදා දුන් අතර එය වැඩි මිලක් වැය කොට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවන ගොවියන් හට ප්‍රතිලාභ රැසක් අත්විය.