ගෙවතු ව්‍යාපෘති

බස්නාහිර පළාත් ජනතාව තම ගෙවත්තේ වස විෂෙන් තොර එළවළු හා පළතුරු වර්ග වගා කිරීමට දිරිගැන්වීමේ මූලික පියවරක් ලෙස හදුන්වා දිය හැකිය. එම කාර්යය සඳහා ජනාතාව පෙළඹවීමට කෘෂි සේවා අධිකාරිය මඟින් මිලියන 2.5 ක් වටිනා කෘෂි උපකරණ නාගරික ගෙවතු හිමියන් වෙත ලබා දී ඇත.මෙමව්‍යපෘතිය යටතේ ගෙවතු කට්ටල 1800ක් බෙදා හැරීමට කටයුතු කළ අතර එක් කට්ටලයකට මල් පෝච්චි 03ක්, අත්සවලක්, අත් මුල්ලුවක් හා දියර ඉසින මල් බාල්දියක්ද අයත් වේ.