වාරි ව්‍යාපෘති

පහත සදහන් වාරි ව්‍යාපෘති පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ඉටුකරන ලදි.

කැස්බෑව වැව ප්‍රතිසංස්කරණය

කැස්බෑව වැවේ සීමාව සළකුණු කොට වෙන් කර ගැනීම මේ යටතේ මුලින් සිදු කෙරුණි. කාලයක පටන් කැස්බෑව වැවේ රක්ෂිතය විවිධ පුද්ගලයින් විසින් ආක්‍රමණය කොට තිබිණි. කෘෂි සේවා අධිකාරිය විසින් නැවත කැස්බෑව වැවේ රක්ෂිත සීමාව සළකුණු කොට වැව වටා කොන්ක්‍රීට් කණු පිහිටුවා මායිම් සළකුණු කිරීමේ කාර්යය ඉටු කරනු ලැබිණි. වැවේ මායිම සළකුණු කොට කොන්ක්‍රීට් කණු පිහිටුවීමේ කාර්යය උදෙසා වැය කළ මුදල රුපියල් ලක්ෂ 559,000.00 කි.

බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු ගාමීණි ලොකුගේ මැතිතුමාගේ උපදේශකත්වයෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම ගරු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල අමාත්‍යතුමාගේ සංකල්පයක් මත පළාතේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැස්බෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

මනරම් වැව් ව්‍යාපෘතිය යටතේ මෙම කැස්බෑව වැව දැකුම් කලු පරිසරයක් නිර්මාණය කිරිමටත්, නාගරිකයන්ගේ ශරීර සුවතා ක්‍රියාකාරම් උදෙසා මෙන්ම ඒ තුලින් නගරයට අලංකාරයත් මෙන්ම ව්‍යායාම තුලින් ජනයාගේ නිරෝගී බව වර්ධනය කිරිමටත් මෙමඟින් අපේක්ෂා ‍කෙරේ. එපමණක් නොව කැස්බෑව වැව අවට වගා කටයුතු කරන ජනයාට සුබසෙත සැලසෙන ලෙස වාරි කටයුතු සඳහා විධිමත් ලෙස සැකසීම ද මේ තුලින් සිදු වේ.

කැස්බෑව වැව පසුගිය අවු. 25 පමණ කාලයක් පාලනයෙන් තොර වු අතර රක්ෂිත සීමාව නිර්ණය කර ගැනීමට පවා අපහසු විය. මේ තුලින් ඇතැමුන් ව්‍යාපාරික කටයුතු උදෙසා ද වැවේ රක්ෂිතය ආක්‍රමණ කොට තිබුනි. අප අධිකාරිය විසින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හේතුවෙන් රජයටත් පොදු ජනයාටත් අහිමි වීමට ගියා මෙම කැස්බෑව වැව නැවත ජනතා අයිතියට හිමි වීමේ භාග්‍ය උදා වී ඇත.

වැව මනරම් ලෙස පිලිසකර කිරිම උදෙසා භූමි නිර්මාණ සැලසුම් මේ වන විට සැලසුම් කටයුතු හමාර වෙමින් පවති.

ඉන් අනතුරුව වැව හාරා සකස් කිරිම හා රොන් මඩ ඉවත් කිරිම හා පිරිසිදු කිරිමත් රක්ෂිතය තුල ව්‍යායාම සඳහා මං තිරුවක් සකස් කර ඒ තුලින් නගරයට අලංකාරයත් හා ව්‍යායාම තුලින් ජනයාගේ නීරෝගී බව වර්ධනය කිරීමත් තුරු සෙවණින් යුතු අලංකාර පරිසරයක් ගොඩනැගීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ. මෙසේ කැස්බෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පුරන් වී ඇති කුඹුරු අක්කර ගණනාවක් අස් වැද්දීමේ හැකියාදව ලැබේ.