පළාත තුළ එළවළු හා පළතුරු පැල නිෂ්පාදනයකර ප්‍රජාව අතර බෙදා හැරීම

තත්වයෙන් උසස් එළවළු සහ පළතුරු පැල නිෂ්පාදනය කොට වගා කරුවන් වෙත ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මේ සඳහා මිලියන 2.85 ක මුදලක් අනුමත වී ඇත. හෝමාගම, බෝඹුවල, අඹේපුස්ස, හොරණ හා වල්පිට (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු) පුහුණු මධ්‍යස්ථාන වල ඉඩකඩ හා සම්පත් භාවිතාකොට මෙම පැළ නිෂ්පාදනය සිදු කළ     අතර මේ වන විට එළවළු පැළ බඳුන් 5000කට වැඩි ප්‍රමාණයක් මේ යටතේ බෙදා දී ඇත.

තවත් එළවළු පැළ බඳුන් 8000ක් මෙම 2014 වසර තුළදී ප්‍රතිලාභීන් වෙත නිකුත් කිරීමට නියමිත වන අතර මේ වන විට එම පැළ බෙදා හැරීමේ කටයුතු සිදුවෙමින් පවතී.මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය වන පළතුරු පැළ සංඛ්‍යාව 30,000 කි. ඉන් පැළ 600කට වැඩි සංඛ්‍යාවක් 2013 වර්ෂයේ අවසන් වන විට බෙදා හැර තිබේ. තවත් පැල 10,000 ක පමණ ප්‍රමාණයක් 2014 වර්ෂය අවසන් වෙන විට බෙදා හැරීමට කටයුතු යොදා ඇත. දැනටමත් පැළ 4047 ක් බෙදා දී ඇත.

එළවළු හා පළතුරු පැල නිෂ්පාදනය වැඩි කිරීම තුලින් දේශිය නිෂ්පාදනය වැඩි කිරීමත්, පැල නිෂ්පාදන ඒකකය පුහුණු ආදර්ශ මට්ටමින් පවත්වා ගැනීම තුලින් විධිමත් පුහුණුවක් ලබා දීමෙන් ව්‍යවසායකයින් බිහි කිරීමත් හා එලවළු හා පළතුරු නිෂ්පාදනය වැඩි කිරීම තුලින් ආදායම ඉහල නැංවීම අරමුණු කොට ගනිමින් පළාත තුල එළවළු හා පළතුරු පැල නිෂ්පාදනය ප්‍රජාව අතර බෙදා හැරීමේ ව්‍යාපෘතියන් මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙහි දී ගොවින් පමණක් නොව කෘෂි කර්මාන්තයට ලැඳි සියළුම පුද්ගලයන්ට ද තම ගෙවත්තේ එළවළු හා පළතුරු පැල වගා කිරීමට අවස්ථාව සැලසේ. එමඟින් රටේ දේශිය නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ආර්ථිකය ඉහළ නැංවිමට ද උපකාරිවේ.