සාම්ප්‍රදායික කෘෂි දැනුම එක්රැස් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම

ගොවීන් අතර ශේෂ වී පවතින පාරම්පරික කෘෂි දැනුම ඒකරාශි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර හිතකාමි ගොවිතැන් ක්‍රම හඳුන්වාදීම උදෙසා මෙම දැනුම ප්‍රයෝජනයට ගැනීමට නියමිතය .මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම මිලියනයකි. මේ සඳහා වැඩමුළු හතරකට ගොවීන් කැඳවා සාම්ප්‍රදායික කෘෂි දැනුම ගොවීන් වෙතින් එක්රැස් කරගන්නා ලදී. එම වැඩමුළු බෝඹුවල, හෝමාගම, වල්පිට හා අඹේපුස්ස පුහුණු මධ්‍යස්ථානවල පවත්වන ලදි.

මීට අමතරව සම්ප්‍රදායික කෘෂි දැනුම සම්බන්ධව කතිකාවක් ගොඩ නගනු වස් 2013 /10/17 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගොවීන් ඒකරාශී කොට කෘෂි දැනුම් කතිකාවත සම්මන්ත්‍රණය පැවැත්වුණි. ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ප්‍රධාන අමුත්තා ලෙස මෙම කතිකාවට එක් වූ අතර එම කතිකාවත අවසානයේ රැස්කරගත් තොරතුරු විශ්ලේෂණය කර පාරම්පරික කෘෂි දැනුම සහිත ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක් ලෙස හදුනා ගත හැකිය.