සාම්ප්‍රදායික කෘෂි දැනුම එක්රැස්කර එම තොරතුරු විශ්ලේෂණය කර ලේඛන ගත කිරීම

ඉහත ව්‍යාපෘතියේ ඒකරාශී කර ගන්නා ලද සාම්ප්‍රදායික කෘෂි තොරතුරු අනාගත පරපුර උදෙසා ලේඛණ ගත කොට තැබීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම මිලියනයකි. මේ වන විට අදාළ සියලු කෘෂි තොරතුරු ඒකරාශී කොට ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යය සිදුවෙමින් පවතී. අත් පිටපත් සකස් කිරීම නිම වෙමින් පවතින අතර ග්‍රන්ථය මුද්‍රණය කිරීම උදෙසා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

පිටු 320 කින් සමන්විත පාරම්පරික කෘෂි දැනුම සහිත සාරගර්භ ග්‍රන්ථක් මෙමඟින් මුද්‍රණය කොට නොමිලේ බෙදාහැරීමට කටයුතු සූදානම් කොට ඇත.

දැනට බහුල ලෙස භාවිතාවේ නොපවතින මෙරට තෙත් කලාපීය ගොවීන්ගේ පාරම්පරික දැනුම ඵලදායි ලෙස නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් වල්පිට, අබේපුස්ස, හෝමාගම හා බෝමුවල යන කෘෂි පුහුණු මධ්‍යස්ථානවලට සාම්ප්‍රධායික ගොවිතැන් කටයුතු කරන ගොවින් කැදවා තොරතුරු ඒකරාශි කර ගත්තේය. මෙහිදී ගොවින් සමඟ කතිකාවතක් ගොඩ නැඟුන අතර එහිදී ලබා ගත් තොරතුරු විශ්ලේෂණය හා ඒවායේ ළුලදායිතාව පිලිබඳ විග්‍රහයක් ඉදිරිපත් කෙරිනි. එසේම ලබාගත් තොරතුරු පරිසර හානිය අවම කිරීම උදෙසා භාවිතා කිරීමටත් අවධානය යොමු විය. ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කථිකාචාර්ය ආචාර්ය වී. අයි. යපා මහතාගේ උපදේශකත්වයෙන් හා බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි. යු. මෙන්ඩිස් මහතා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි මහින්ද කුමාර දළුපොත මහතා හා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ කළමනාකරණ මණ්ඩල සාමාජික මතුගම සෙනෙවිරුවන් මහතා යන මහත්වරුන්ය.

සියවස් ගණනක් පුරා පවත්වාගෙන ආ අපේ පාරම්පරික කෘෂි තාක්ෂණ අංශය පරිසර හිතකාමී වගා ක්‍රම වලින් සමන්විත වු අතර එසේ වු තාක්ෂණික ඥාණය පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම කෙරෙහි ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි ආක්‍රමණ තදින්ම බලපෑම් එල්ල කරනු ලැබීය. ඉන් අනතුරුව 20 වැනි සියවසේ ශේෂව තිබු එම තාක්ෂණ ඥාණයේ පැවැත්මට 1960 ගණන්වල හඳුන්වාඳුන් හරිත විප්ලවයෙන් තදින්ම පහර වැදිනි. එහිදී පරිසර හිතෛෂි නොවු වගා ක්‍රම හා රසායන භාවිතයන් රාශියක් දේශිය ගොවිතැනට බලෙන් එබ්බවීම සිදුවිය.