මිනුවන්ගොඩ වටිනාපහ කෘෂි සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම

අප අධිකාරිය විසින් ඉදිකරන ලද ගම්පහ දිසාවේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි වටිනාපහ කෘෂි නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානය බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, කලා හා සංස්කෘතික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 ජුනි 06 වැනි දින ජනතා අයිතියට පැවරුණ වගයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වටිනාපහ ග්‍රාමයේ ජිවත් වන ගොවින්ගේ ජිවනෝපාය වී ඇත්තේ කහ, ඉගුරු හා ගම්මිරිස් යන සුළු අපනයන බෝග පොල් වගාව යටතේ අතුරු බෝගයක් ලෙස හෙක්ටයාර් 25 පමණ භුමි භාගයක වගා කරමින් තම ජිවනෝපාය සිදු කරගෙන යනු ලබයි. මෙයට අමතරව බුලත් වගාව හෙක්ටයාර් 5ක පමණ වගා කිරීමෙන්ද මෙම ගම්මානයේ ගොවීන් අමතර ආදායම් මාර්ග උපයා ගනු ලබනවා.

මෙම ග්‍රාමයේ ගොවීන් 05 දෙනෙකු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් කහ වගාව ආරම්භ කර ඇති අතර දැනට ඒය ගොවි පවුල් 140ක හෙක්ටයාර් 25ක් පුරා වගා කිරිම දක්වා ව්‍යාප්ත වී ඇත. ඒ අනුව කහ වගාව විශාල වශයෙන් සිදු වී මෙට්‍රික් ටොන් 400 දක්වා අස්වැන්නක් ලැබේ. නමුත් නිෂ්පාදන සකස් කරන කාලක තුල පවතින අධික වර්ෂාව නිසා කහ වියලා ගැනීමේ අපහසුවක් අමු කහ වෙළදපොලට සැපයිමේ අපහසුවක් නිසා අස්වනු නෙලන ලද කහ ටොන් 200 ක් 300 කට අධික ප්‍රමාණයක් නිවෙස් තුල ගබඩා කිරිමට සිදු වීම. ඔවුන්ට තිබු ප්‍රධානම ගැටළුව විය. මේ නිසා ලබා ගත් අස්වැන්න වර්ෂාපතනය නිසා අපතේ යාමට ලක්වන බැවින් කහ වගාවෙන් ගොවින් ඉවත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි.

ඒ අනුව කහ වියලා ගැනීමට හා කහ කෙටීම සදහා විසඳුමක් ලබා දිම කාලීන අවශ්‍යතාවයක් විය. මේ පිලිබඳව බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ අවධානය යොමු කොට එතුමාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ මඟපෙන්වීම හා මාර්ගෝපදේශය යටතේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන යටතේ රු. මි. 02 ක වියදමින් කහ වියලීමේ යන්ත්‍රයක් හා කහ කෙටීමේ යන්ත්‍රයක් සවි කිරිමට යෝජනා විය.

මෙම කටයුත්ත උදෙසා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය ක්‍රියාක්මක බලධාරීත්වය යටතේ කෘෂිකර්ම අමාත්‍ය ගරු උදය ගම්මන්පිල අමාත්‍යතුමාගේ මඟ පෙන්විම යටතේ කෘෂි නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානයේ හා වියලා ගැනීමේ යන්ත්‍රයක් ලබා දීම සිදු විය.

කහ වියලිමේ යන්ත්‍රය බහු කාර්ය යන්ත්‍රයක් වන අතර එමඟින් කහ වියලා ගැනීම පමණක් නොව පපඩම් හා නුඩ්ල්ස් ද වියලා ගැනීමේ හැකියාව පවති. එසේම ග්‍රාමීය අතිරික්ත ලෙස පවතින කොස් හා දෙල් යන බෝග වියලා ගැනිම මඟක් අස්වනු අපතේ යාම වළකාලයි. මේ තුලින් වටිනාපහ ග්‍රාමයේ ජිවත් වන ගොවින්ගේ ජිවන තත්වය යහපත් වී රටේ ආර්ථිකයට ශක්තියක් විමේ හැකියාව ද ලැබී ඇති.

එපමණක් නොව මේ තුලින් පසු අස්වන හානි අඩු කිරීමද උසස් ප්‍රමිතියෙන් යුතු කහ, ගම්මිරිස් හා ඉඟුරු වෙළඳපලට සැපයිමේ පහසුවද ලැබී ඇති.