බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක හෙළ බොජුන් අලෙවි මධ්‍යස්ථානය කාබනික අලෙවි මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම

වැය කල මුදල රු.2,705,249.00

විස්තරය

  1. මෙම කාබනික සුපිරි වෙළඳසැල් ජාලය අලෙවි සැල් 40 කින් සමන්විත වන අතර එය අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
  • කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් හෝමාගම කෘෂි සේවා අධිකාරි කාර්යාල පරිශ්‍රය තුළ දැනට ක්‍රියාත්මක කරන හෙළ බොජුන් අලෙවි මධ්‍යස්ථානය, කාබනික සුපිරි වෙළඳසැලක් සහිතව ආරම්භ කිරීමට 2020 පළාත් සංවර්ධන ප්‍රදාන යටතේ නවීකරණය කිරීමට කටයුතු ආරම්භ කර ඇත.
  • ගම්පහ දිස්ත්‍රික්ක සඳහා කාබනික සුපිරි වෙළඳසැල් 2021 වර්ෂයේදී පළාත් සංවර්ධන ප්‍රදාන යටතේ ස්ථාපිත කිරීමට යෝජිතය.
  • කළුතර දිස්ත්‍රික්කය සඳහාද ප්‍රධාන සුපිරි වෙළඳසැලක් 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය වේ.
  1. පළාත තුළ පවතින සෑම ප්‍රා.ලේ කොට්ඨාශයකටම හෙළ බොජුන් හලක් සහිත කුඩා ප්‍රමාණයේ අලෙවි සැලක් ආරම්භ කිරීම.
  2. පළාත තුළ ප්‍රා.ලේ කොට්ඨාශ 40 තුළ ප්‍රධාන සුපිරි වෙළඳසැල් 03 ක් හා කුඩා සුපිරි වෙළඳසැල් 37 ක් ආරම්භ කිරීමට යෝජිත අතර මෙම කුඩා සුපිරි වෙළඳසැල් 37 දීර්ඝ කාලීනව සුපිරි වෙළඳසැල් බවට පත් කිරීම ඉලක්ක ගත කෙරේ.

මෙම ප්‍රධාන සුපිරි වෙළඳසැල් 03 හි හා කුඩා සුපිරි වෙළඳසැල් වල අධීක්ෂණ කටයුතු බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ අලෙවි නිලධාරීන් වෙත භාර දීමට යෝජිතය.