බස්නාහිර පළාත තුළ මී මැසි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම
වැය කල මුදල රු-:890,447.00
මුළු ප්‍රතිලාභීන් ගණන–70
විස්තරය
එක් ප්‍රතිලාභියකු වෙනුවෙන්
මී මැසි පෙට්ටි, දුම් ඉසින, හිස් වැසුම සමඟ මුහුණු ආවරණ, ආරක්ෂිත ඇදුම, අත් වැසුම, ආරක්ෂිත පාවහන් හා කෘෂිකර් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාෂිත “ මී මැසි පාලන ක්ෂේත්‍රය අත් පොත” හා “ මී මැසි පාලන පොත
පුළුල් අරමුණ:-
- බස්නාහිර පළාත තුල මී මැසි පාලනයට හා මී පැණි නිෂ්පාදන ක්‍ෂෙත්‍රය වෙත යොමුවීමට කැමැත්ත ඇති නව පිරිස හට අවස්ථාවක් උදාකර දීම තුලින්, මී මැසි පාලනයට, මී පැණි නිෂ්පාදනයට යොමු වන පිරිස ඉහල නැංවීම.
සුවිශේෂී අරමුණු:-
- මී මැසි පාලනයේ සිට මී පැණි නිෂ්පාදනයේ දක්වා අවශ්‍ය දැනුම, උපකරණ හා යෙදවුම් ගොවීන් වෙත ලබා දීම මඟින් නිෂ්පාදනකරුවන් දිරි ගැන්වීම.
- පළාත තුල මී පැණි නිෂ්පාදන පුළුල් කිරීම තුලින් ක්‍ෂෙත්‍රය වෙත යොමු වන නව ව්‍යවසාකයින් / ගොවීන් හට උසස් තත්වයේ මී පැණි නිෂ්පාදනයට අවස්ථාව ඇති කරලීම.
- මී පැණි නිෂ්පාදකයන්ගේ සමාජ හා ආර්ථික තත්වය උසස් කිරීම හා මී පැණි නිෂ්පාදන කෘෂි සේවා අධිකාරියේ අලෙවි මධ්‍යස්ථානය මඟින් අලෙවි කිරීම තුලින් ආදායම් තත්වය ඉහල නැංවීමට හැකි වීම.