බස්නාහිර පළාත තුළ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා පහසුකම් සැපයීම

වැය කල මුදල රු. 985,622.44

මුළු ප්‍රතිලාභීන් ගණන184

විස්තරය

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත,
  • ගෙවතු වගාව පොත
  • කාබනික පොහොර
  • එළවළු වගාව පොත
  • කොළ එළවළු වගාව පොත, අත්පත්‍රිකා
  • බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ධීවර අංශය යටතේ පවතින පිටිපන ජලජිවී වගා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදිත, කාබනික දියර පොහොර.
  • ‍මල් බාල්දි, අත්මුල්ලු.
  • බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර
  • කොහොඹ නිස්සාරක.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අලෙවි කරනු ලබන කරවිල,වැටකොළු,පතෝල, දඹල,බුෂිටා මෑ, වට්ටක්කා බීජ පැකට්.
  • බෙලි පැල,වැල් දොඩම් පැල,කාමරංගා පැල, නෙල්ලි පැල, ගම්මිරිස් පැල, කොමාරිකා පැල, කරපිංචා පැල

පුළුල් අරමුණ:-

  1. දේශීය බෝග වගාවන් සඳහා රසායනික පොහොර භාවිතා කිරීම වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ප්‍රජාව පෙළඹවීම.

සුවිශේෂී අරමුණු:-

  1. කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් හට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදනයන් වැඩිකිරීමට උපදෙස් දීම.
  1. කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි ඇල්මක් දක්වන්නාවූ පාර්ශවයන් හා නව ව්‍යවසායකයන් ලෙස ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට පෙළඹෙන ප්‍රජාවන් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රමවේදය හඳුන්වාදීම හා ඔවුන් දිරිගැන්වීම.
  1. එළවලු, පළතුරු හා පලා වර්ග නිෂ්පාදනය කරන ගොවීන් හට කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීම් ලබාදීමත්, ඒ තුලින් ලඟා කරගත හැකි වෙළඳපල ප්‍රතිලාභ හඳුන්වා දීමත් කාබනික පොහොර භාවිතයට පෙළඹවීම.
  1. පරිසර හිතකාමී පොහොර භාවිතය නිසා පරිසර දූෂණය අවම කර ගැනීමත් එමඟින් ප්‍රජාවට පිරිසිදු ජලය හා වාතාශ්‍රය පාරිභෝජනයට හැකිවීමත් රෝගාබාධ වලට ගොදුරුවීම අවම වීමත් යන්න ප්‍රධාන අරමුණුවේ.