කොළඹ දිස්ත්‍රික්කය තුළ 2017 මහ කන්නය සඳහා වප්මඟුල් උත්සවය පැවැත්වීම.

ශ්‍රී ලංකාව වසර දහස් ගණනක් කෘෂිකර්මාන්තික රටක් ලෙස පැවතියද වර්තමාන ප්‍රජාව කෘෂිකර්මාන්තයෙන් මෙන්ම ඒ හා සබැඳි සිරිත් විරිත්, විශ්වාසයන්, කෘෂිකර්මාන්තික හර පද්ධතීන් පිළිබඳව උපහාසාත්මකව බැලීමට පෙලඹී ඇත. එයට හේතු ලෙස දැක්විය හැක්කේ වර්තමාන ප්‍රජාව නිරන්තරයෙන් නවීන තාක්ෂණය සමග ගැටීමත් ඒ හේතුවෙන් සම්ප්‍රදායික දැනුම හා හරපද්ධතීන් පිලිබඳ අවබෝධය අඩුවීමත්ය.

මෙම තත්වය මත පරිසරයට ආදරය කල සම්ප්‍රදායික ගොවිතැන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද සොබාදහමට ගරුකරමින් තම අවශ්‍යතාවයන් සපුරාගත හැකි තිරසාර කෘෂිකර්මාන්තයක් වෙත ප්‍රජාව යොමු කිරීමත් අරමුණු කරගෙන මහ කන්නය උදෙසා වප්මගුල සිදුකරනු ලැබීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ වගා සංග්‍රාම වැඩසටහනට සමගාමීව ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ හා බස්ප්‍නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා හා ගරු බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරී මණ්ඩලය හා පළාත් සභා මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් ලෙස නියඳගල පුවක්ගහ කුඹුර වෙල්යායේදී පැවැත්වීය.