කෘෂි සේවා අධිකාරිය විසින් 2017වර්ෂය සඳහා බස්නාහිර පළාත් ගොවි සංවිධාන ලියාපදිංචි කිරීම.
බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය තුල බස්නාහිර පළාතේ පිහිටුවාගෙන ඇති ගොවි සංවිධාන ලියාපදිංචි කිරීම සිදු කර අවසන්ය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කෘෂි සේවා අධිකාරිය විසින් ගොවීන් දිරි ගැන්වීම සඳහා ලබා දෙන ප්‍රතිපාදන සමානව බස්නාහිර පළාත තුල සිටින ගොවි සංවිධාන වලට බෙදී යාම සහ සියළු ගොවි මහතුන් වෙනුවෙන් සේවා සැපයීමයි. අප අධිකාරියේ නව සභාපතිතුමන්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මේ වන විට අති සාර්ථක ලෙස ගොවි සංවිධාන විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටී. මේ වන විටත් එම ගොවි සංවිධාන සඳහා 2017 වර්ෂය තුල ක්‍රියාත්මක වන ව්‍යාපෘති වලින් ප්‍රතිපාදන මෙම ගොවි සංවිධාන අතර බෙදා දීම ආරම්භ කර තිබේ. මේ වන විට ගොවි සංවිධාන200 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර මේ වන විටත් ගොවි සංවිධාන 70කට ප්‍රතිපාදන ලබා දී තිබේ.