හෙළ බොජුන් සහ අලෙවිසැල විවෘත කිරීම.
බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් නිරෝගිමත් පරපුරක් බිහිකිරීම උදෙසා පාන්පිටි, රසකාරක හා වස විසෙන් තොර දේශීය සම්ප්‍රධායික ආහාර රටාවකින් යුක්ත පිරිසිදු ආහාර වේලක් රස විඳීමට හැකිවන පරිදි අංක 375-එච්, මාකුඹුර, පන්නිපිටිය යන ස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරි කාර්යාල පරිශ්‍රය තුල හෙළ බොජුන් හා කෘෂි නිෂ්පාදන අලෙවිසැලක් 2017-07-05 වෙනි දින බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණී තිලකසිරි මැතිතුමාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ අතින් සුභ මොහොතින් විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ගරු බස්නාහිර පළාත් සභා මැති ඇමතිවරුන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එන්.නිල්වල මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී විය.
උදෑසන ඖෂධීය පානය
උදෑසන කාලයේ දී රසකාරක වලින් තොර වස විස නැති ඖෂධීය ගුණයෙන් යුක්ත වූ කොලකැඳ කෝප්පයක රස මිහිර විඳීමට ඔබට හොඳම අවස්ථාවක් සැලසේ.
කොලකැඳ වර්ග :
- හාතවාරිය කැඳ
- වැල් පෙනෙළ කැඳ
- කරපිංචා කැඳ
- රණවරා කැඳ
- ගොටු කොළ කැඳ
- ඉරමුසු කැඳ
- කුරක්කන් කැඳ
- සව් කැඳ
- මෙනේරි කැඳ
- කිතුල්පිටි කැඳ
දිනකට කැඳ වර්ග 04 ක් සැපයේ
උදෑසන ආහාරය
උදෑසන ආහාර ලෙස පාන්පිටි මිශ්‍ර නොමැති වස විසෙන් තොර පොහොර භාවිතා කරමින් නිෂ්පාදත දේශීය පාරම්පරික සහල් සහ එළවළු වර්ග යොදාගෙන සකසන ලද ඉතා පිරිසිදු උදෑසන ආහාර වේලක රස විඳිමට ඔබට අවස්ථාව ලැබේ.
ආහාර පාන වර්ග :
- කිරිබත්
- කඩල/ මුං/ කවුපි
- රතු කැකුළු බත්
- සුදු සම්බා බත්
- දේශීය අල වර්ග
- හාල්පිටි ඉඳි ආප්ප (රතු/ සුදු)
ව්‍යංජන වර්ග
- බිත්තර/ මාළු/ කුකුල් මස්
- පරිප්පු/ අල/ පොල්සම්බෝල
- හාල්මැස්සෝ/ කරවල බැදුම