බස්නාහිර පළාත තුළ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා පහසුකම් සැපයීම
වැය කල මුදල රු. 985,622.44
මුළු ප්‍රතිලාභීන් ගණන–184
විස්තරය
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත,
- ගෙවතු වගාව පොත
- කාබනික පොහොර
- එළවළු වගාව පොත
- කොළ එළවළු වගාව පොත, අත්පත්‍රිකා
- බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ධීවර අංශය යටතේ පවතින පිටිපන ජලජිවී වගා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදිත, කාබනික දියර පොහොර.
- මල් බාල්දි, අත්මුල්ලු.
- බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර
- කොහොඹ නිස්සාරක.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අලෙවි කරනු ලබන කරවිල,වැටකොළු,පතෝල, දඹල,බුෂිටා මෑ, වට්ටක්කා බීජ පැකට්.
- බෙලි පැල,වැල් දොඩම් පැල,කාමරංගා පැල, නෙල්ලි පැල, ගම්මිරිස් පැල, කොමාරිකා පැල, කරපිංචා පැල
පුළුල් අරමුණ:-
- දේශීය බෝග වගාවන් සඳහා රසායනික පොහොර භාවිතා කිරීම වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ප්‍රජාව පෙළඹවීම.
සුවිශේෂී අරමුණු:-
- කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් හට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදනයන් වැඩිකිරීමට උපදෙස් දීම.
- කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි ඇල්මක් දක්වන්නාවූ පාර්ශවයන් හා නව ව්‍යවසායකයන් ලෙස ව්‍යවසායකත්ව ක්ෂේත්රයට පෙළඹෙන ප්‍රජාවන් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රමවේදය හඳුන්වාදීම හා ඔවුන් දිරිගැන්වීම.
- එළවලු, පළතුරු හා පලා වර්ග නිෂ්පාදනය කරන ගොවීන් හට කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීම් ලබාදීමත්, ඒ තුලින් ලඟා කරගත හැකි වෙළඳපල ප්රතිලාභ හඳුන්වා දීමත් කාබනික පොහොර භාවිතයට පෙළඹවීම.
- පරිසර හිතකාමී පොහොර භාවිතය නිසා පරිසර දූෂණය අවම කර ගැනීමත් එමඟින් ප්‍රජාවට පිරිසිදු ජලය හා වාතාශ්‍රය පාරිභෝජනයට හැකිවීමත් රෝගාබාධ වලට ගොදුරුවීම අවම වීමත් යන්න ප්‍රධාන අරමුණුවේ.