කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි නිෂ්පාදකයින් සඳා පළතුරු පැල බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැසටහන් පැවැත්වීම.

වර්ථමානය වන විට සියළු ප්‍රදේශයන් අධික නාගරීකරණයට නතු වෙමින් පවතින නිසා බෝග වගා කල හැකි ඉඩකඩ සීමිත බැවින් ස්වභාවිකව විශාල ලෙස වැවෙන පළතුරු බෝග වගා කිරීමට අපහසුතාවයක් පැවතීම ප්‍රධාන ගැටළුවකි.  එබැවින් ඒ සඳහා විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය තුලදී අඩු කාලයකින් සහ අඩු ඉඩ ප්‍රමාණයකින් අස්වැන්න ලබා ගත හැකි බද්ධ පැල සකස් කර ගැනීම හා ඒ ආශ්‍රිත පැල නඩත්තු කටයුතු පිළිබඳ දැනුම ලබාදීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රිකයන්හී  ව්‍යවසායකයින්  60 දෙනෙකුට පුහුණු වැඩසටහන් 03ක් පවත්වන ලදි.

වාණිජ වගාවක් ලෙස පළතුරු නිෂ්පාදනය කරන කුඩා පරිමාණ ගොවීන් මෙන්ම දෛනික පරිභෝජනය සඳහා පළතුරු තම ගෙවත්තේම වගා කරනු ලබන පිරිස දිරි ගැන්වීම, නිසි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක භාවය වැඩි කිරීම,බද්ධ පළතුරු පැල භාවිතය මඟින් සීමිත ඉඩකඩකින් වැඩි ඵලදාවක් ලබා ගැනීමට ජනතාව පෙළඹවීම ආදී අරමුණු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් සාක්ෂාත් කර ගත හැකි විය.